Friday, August 24, 2012

                                      නූතන මොහිණී නැගණියට

                                               විශ‍ඝෝර වන සපුන් පරයන
                                               මිනිසුන් නිරතුරුව ගැවසෙන
                                               තුං මංසලට වී මක්කරන්නිද
                                               මේ ගොම්මන් වැහි බීරුමේ

                                               කිරි දරු දරාගෙන දොතින්
                                               මගදුරට නෙතු යොමු කරන්
                                               කඳුලැල් බිඳු නෙතු අග දරන්
                                               හිඳන්නි නුඹ ඇයි මග බලන්

                                              එනතුරා වත්දෝ පිය තුමන්
                                              ඔබ දෝතට දරු තිළිණ දුන්
                                              යළ වරක් මග වැරදිලාවත්
                                              ඔබ වෙතට  නේවි ඔහු නම්

                                              තවත් සළෙලෙකු ඔබේ රුව දැක
                                             තිළිණ දෙන්නටද හැකි තවත් කළලයක්
                                             සැඟව ගොස් මේ කුහක ලොකෙන්
                                            රැක ගනින් දරු වෙර යොදා හැකි ලෙසින්

Friday, August 3, 2012

                   ....එපා පතන්නට....

      එක වලාකුළකුදු දකින්නට නැති
      ගිම්හානයේ තැවෙන අහසින්
      යදිනු කෙලෙසද
      වැහි පොදක්

      වියළී ඉරි තැලී දැවෙනා
      මරු කතරක් වන් වියළි පොලවේ
      දකිනු හැකි වෙද
      දිය උල්පතක්

      කොළ හැලී කේඩෑරි වි ගිය
      මියෙන්නට ලං වූ ගහකින්
      පතන්නේ කෙලෙස
      නෑඹුල් ඵළක්

      ලොවේ නෙක ගැරහුමින් හෙම්බත්ව
      නොමිනිසුන් මැද දිවි සටන ගෙන යන
      මගෙන් ඔබ යදී
      මුදු සෙනෙහසක්

Sunday, July 22, 2012

                                         හැන්දෑව

        වලාකුළු කැටි තැන තැන විසිරි     නුබ ගැබ
        රජ වෙලා උන් රිවි කුමරු කෝ   කොයි බද
        ලොවෙන් සැඟ වෙන්න මාන     බලන හැඩ
        සඳ කුමරි හැඩ කර හිඳුවන්න    සිය සිහසුන

         අව පැහැය ගත් දුක්බර සැඳෑ       අහස් කුස
         වගෙයි හරියට අද මගේ අඳුරු        පාළු හද
         අළුයමද මද්දහන තුටින් පසු කල    මා දිවිය
         දුක්බරම සැඳෑ සමයට එළඹ ඇති      අරුමය

         උදා හිරුමෙන් වජඹුන සමය      මෙන් නොව
         පාළු හුදකලා අඳර පමණි මා         උරුමය අද
         වෙහෙසවු කාලයක අවසන     හෙම්බත්ව මම
         ගිම් නිවා සැතපෙන්න  රැය එන්න      හනිකට

Wednesday, July 18, 2012


                 ...එනවද ඒ හුරු සුවඳ දිගේ....


                  අප එදා හමු වූ මේ වෙරළ ඉමේ
                  පිය මං කලා අපසුදු වැලි තීරේ
                  සටහන් වූ අපේ පා සළකුණු
                  මකා දමාගොස් සයුරු රළින්

                 එනමුදු මේ මුළු වෙරළ තීරේ
                 සුවඳ දැනේ මට තවම ඔබේ
                 දිලෙන තරුවේ ඇග සිතිජයේ
                 ඔබේ දෙනෙත් මට මැවී පෙනේ

                 තවමත් ඉඳ හිට ඉස්සර වාගෙම
                 එන්නෙමි මෙතනට පුරුදු ලෙසින්
                 බලා හිඳින්නෙමි දෙනෙත් විදාගෙන

                 දවසක එනවද ඒ හුරු සුවඳ දිගේ

Monday, July 16, 2012


               ... ඔබ මාගෙම වී...

                 තනි තරුවෙන් මග අහගෙන
                 මල් සුවඳින් ඉම දැනගෙන
                 දිවි කතරේ විඩා නිවන
                 ඔබේ සෙවන වෙත ආවා

                සඳ සිසිලෙන් ඔකඳ වෙලා
                මල් සුවඳට තරුළු වෙලා
                ආදරයෙන් උමතු වෙලා
                පෙම් දැහැනේ සම වැදිලා

                මානෙතේ කැළුම් ඔබට හෙලා
                සිත් විලේ පුයුම් ඔබට නෙලා
                මා මුවේ සිනා ඔබම නිසා
                හද පුදසුනේ ඔබ නමින් පුදා

                කල්පයක් කල් පැතූ සෙනෙහස
                දෙනෙත් දෑලේ සනා සෙන විට
               මුළු ලෝකෙම මගේ මෙන් විය
               මහද වමානේ පුන් සඳ ඔබ විය

                 ..කාලාත්‍රය..

           අළුයම..


             හරියට පොහොට්ටුවක් වගේ
             පිපෙන්නට වෙර දරන
             අහිංසකයි පිවිතුරුයි
             හරිම සිරියාවයි
             සුන්දරත්වය පිරිල

        උදෑසන..

            හරියට මලක් වගේ
            ලස්සනයි සුන්දරයි
            ටිකක් දඟකාරයි
            බඹරු සමනළ්ලු
            කැරකෙනව හරියට

      මද්දහන

            හරියට ගහක් වගේ
            මලින් ඵළින් සැදි
            හරියට වැඩ....
            කඩිසරයි
            දරු මල්ලො...ගේ දොර

     හැන්දෑව..

            මහන්සියි හරියට
            හරිම නිසරුයි
            හරියට ඵළ වැරුව ගහක් වගේ
            අවට නෑ කිසිවෙකුත්
            පාළුයි..තනියි

      රාත්‍රිය..

           නිහඬයි...නිසලයි
           අඳුරුයි..ගුප්තයි..සීතලයි
           ඒත් සැනසීමයි
           සදාතනික සැනසීම
           සදාතනික නින්ද...




Friday, July 13, 2012

.....වීදි සුන්දරිය.....

ලස්සනට හඳ පායල...
පුර හඳ නොවුනත් හරිම සුන්දරයි..
මම බැල්කනියට ආවෙ සඳ සිසිළ විඳින්න...
මොහොතකින් ඇයව මනෙත ගැටුන....
වීදය කොනට වෙන්න ඇය උන්නෙ අඳුරු මුල්ලක....
ලා..අඳුරෙ වුනත් මම දැක්ක ඇගේ මුහුණ....
වත්සුනු තවරල ඔප කරල තිබුණත්..එහෙම නැතත් ඇය ලස්සනයි කියල මට හිතුන....
ඇය පුංචි මලක්  වගේ....ම්...නැහැ  නැහැ..පොහොට්ටුවක්වගේ....
හරියට පිපිලවත් නැති...
ඇය මේ මහ රෑ තනියම මොනව කරනවද,,,,,
එය තේරුම් ගන්න වැඩි වෙලාවක් ගන්න වුනේ නෑ මට...
දඬු මොණරයක් වැනි යතුරුපැදියක් ඇය අසල නැවතුනා...
යතුරු පැදියෙ ආවේ කළු තරුණයෙක්(අප්‍රිකානු)...
ඇය හා මොහොතක් දොඩමළු වුනත් ඔහු යළිත් ඉගිලුනා...
ඇගේ ගාන ඔහුට වැඩි....
ඔහුගෙ ගාන ඇයට මදි...
සිදු විය නොහැක් ගනුදෙණුවක්...
මට හිතුන...
ඇය යළිත් වීථියට බලාපොරොත්තුවේ දෙනෙත් දල්වාගෙන...
ඔන්න තඩි මොටෝරියක් ඇය පසුකරතෙන ගොස් යළි ආපසු එනව...
ඇගේ දෙනෙත් කාන්තියෙන් දැල්වෙනව.....
ඇගේ ලන්සුවට ගනුදෙණුව සිදු වේවි...මට සිතුන..
දෙවියනී!!!!!
සිවිල් රථයක ආව රාත්‍රී වීථි සරන පොලිස් මුර බල්ලො....
“ඩොකියුමන්ට්ස් “..එකෙක් කිව්ව.....
ඇයට දෙවියන් සිහි වෙන්න ඇති..
වීථි සරන්නට තබා රැඳී සිටීමේ අවසර පතවත් ඇය අත නැති හැඩයි....
ඇයව ඇදල වගේ අරන් රිය ඇතුලට ඔබා ගත්ත මුර බල්ලන් ඉගිල්ලිලා යන්න ගියා...

(ඇය යුරෝපයේ වීදි සරන නිළ නොලත් සංක්‍රමණික ගනිකාවකි..ඇගේ ඉරණම කෙසේ විසඳේවිද????)