....එපා පතන්නට....
එක වලාකුළකුදු දකින්නට නැතිගිම්හානයේ තැවෙන අහසින්
යදිනු කෙලෙසද
වැහි පොදක්
වියළී ඉරි තැලී දැවෙනා
මරු කතරක් වන් වියළි පොලවේ
දකිනු හැකි වෙද
දිය උල්පතක්
කොළ හැලී කේඩෑරි වි ගිය
මියෙන්නට ලං වූ ගහකින්
පතන්නේ කෙලෙස
නෑඹුල් ඵළක්
ලොවේ නෙක ගැරහුමින් හෙම්බත්ව
නොමිනිසුන් මැද දිවි සටන ගෙන යන
මගෙන් ඔබ යදී
මුදු සෙනෙහසක්
ලස්සනයි නිර්මාණය.
ReplyDeleteලොවේ නෙක ගැරහුමින් හෙම්බත්ව
නොමිනිසුන් මැද දිවි සටන ගෙන යන
මගෙන් ඔබ යදී
මුදු සෙනෙහසක්
මේ පද ටික නම් හරිම ලස්සනයි
ස්තුතියි දඟයෝ.....
Deleteලස්සනයි.. :)
ReplyDeleteස්තුතියි.....:)
Delete