Sunday, July 22, 2012

                                         හැන්දෑව

        වලාකුළු කැටි තැන තැන විසිරි     නුබ ගැබ
        රජ වෙලා උන් රිවි කුමරු කෝ   කොයි බද
        ලොවෙන් සැඟ වෙන්න මාන     බලන හැඩ
        සඳ කුමරි හැඩ කර හිඳුවන්න    සිය සිහසුන

         අව පැහැය ගත් දුක්බර සැඳෑ       අහස් කුස
         වගෙයි හරියට අද මගේ අඳුරු        පාළු හද
         අළුයමද මද්දහන තුටින් පසු කල    මා දිවිය
         දුක්බරම සැඳෑ සමයට එළඹ ඇති      අරුමය

         උදා හිරුමෙන් වජඹුන සමය      මෙන් නොව
         පාළු හුදකලා අඳර පමණි මා         උරුමය අද
         වෙහෙසවු කාලයක අවසන     හෙම්බත්ව මම
         ගිම් නිවා සැතපෙන්න  රැය එන්න      හනිකට

Wednesday, July 18, 2012


                 ...එනවද ඒ හුරු සුවඳ දිගේ....


                  අප එදා හමු වූ මේ වෙරළ ඉමේ
                  පිය මං කලා අපසුදු වැලි තීරේ
                  සටහන් වූ අපේ පා සළකුණු
                  මකා දමාගොස් සයුරු රළින්

                 එනමුදු මේ මුළු වෙරළ තීරේ
                 සුවඳ දැනේ මට තවම ඔබේ
                 දිලෙන තරුවේ ඇග සිතිජයේ
                 ඔබේ දෙනෙත් මට මැවී පෙනේ

                 තවමත් ඉඳ හිට ඉස්සර වාගෙම
                 එන්නෙමි මෙතනට පුරුදු ලෙසින්
                 බලා හිඳින්නෙමි දෙනෙත් විදාගෙන

                 දවසක එනවද ඒ හුරු සුවඳ දිගේ

Monday, July 16, 2012


               ... ඔබ මාගෙම වී...

                 තනි තරුවෙන් මග අහගෙන
                 මල් සුවඳින් ඉම දැනගෙන
                 දිවි කතරේ විඩා නිවන
                 ඔබේ සෙවන වෙත ආවා

                සඳ සිසිලෙන් ඔකඳ වෙලා
                මල් සුවඳට තරුළු වෙලා
                ආදරයෙන් උමතු වෙලා
                පෙම් දැහැනේ සම වැදිලා

                මානෙතේ කැළුම් ඔබට හෙලා
                සිත් විලේ පුයුම් ඔබට නෙලා
                මා මුවේ සිනා ඔබම නිසා
                හද පුදසුනේ ඔබ නමින් පුදා

                කල්පයක් කල් පැතූ සෙනෙහස
                දෙනෙත් දෑලේ සනා සෙන විට
               මුළු ලෝකෙම මගේ මෙන් විය
               මහද වමානේ පුන් සඳ ඔබ විය

                 ..කාලාත්‍රය..

           අළුයම..


             හරියට පොහොට්ටුවක් වගේ
             පිපෙන්නට වෙර දරන
             අහිංසකයි පිවිතුරුයි
             හරිම සිරියාවයි
             සුන්දරත්වය පිරිල

        උදෑසන..

            හරියට මලක් වගේ
            ලස්සනයි සුන්දරයි
            ටිකක් දඟකාරයි
            බඹරු සමනළ්ලු
            කැරකෙනව හරියට

      මද්දහන

            හරියට ගහක් වගේ
            මලින් ඵළින් සැදි
            හරියට වැඩ....
            කඩිසරයි
            දරු මල්ලො...ගේ දොර

     හැන්දෑව..

            මහන්සියි හරියට
            හරිම නිසරුයි
            හරියට ඵළ වැරුව ගහක් වගේ
            අවට නෑ කිසිවෙකුත්
            පාළුයි..තනියි

      රාත්‍රිය..

           නිහඬයි...නිසලයි
           අඳුරුයි..ගුප්තයි..සීතලයි
           ඒත් සැනසීමයි
           සදාතනික සැනසීම
           සදාතනික නින්ද...




Friday, July 13, 2012

.....වීදි සුන්දරිය.....

ලස්සනට හඳ පායල...
පුර හඳ නොවුනත් හරිම සුන්දරයි..
මම බැල්කනියට ආවෙ සඳ සිසිළ විඳින්න...
මොහොතකින් ඇයව මනෙත ගැටුන....
වීදය කොනට වෙන්න ඇය උන්නෙ අඳුරු මුල්ලක....
ලා..අඳුරෙ වුනත් මම දැක්ක ඇගේ මුහුණ....
වත්සුනු තවරල ඔප කරල තිබුණත්..එහෙම නැතත් ඇය ලස්සනයි කියල මට හිතුන....
ඇය පුංචි මලක්  වගේ....ම්...නැහැ  නැහැ..පොහොට්ටුවක්වගේ....
හරියට පිපිලවත් නැති...
ඇය මේ මහ රෑ තනියම මොනව කරනවද,,,,,
එය තේරුම් ගන්න වැඩි වෙලාවක් ගන්න වුනේ නෑ මට...
දඬු මොණරයක් වැනි යතුරුපැදියක් ඇය අසල නැවතුනා...
යතුරු පැදියෙ ආවේ කළු තරුණයෙක්(අප්‍රිකානු)...
ඇය හා මොහොතක් දොඩමළු වුනත් ඔහු යළිත් ඉගිලුනා...
ඇගේ ගාන ඔහුට වැඩි....
ඔහුගෙ ගාන ඇයට මදි...
සිදු විය නොහැක් ගනුදෙණුවක්...
මට හිතුන...
ඇය යළිත් වීථියට බලාපොරොත්තුවේ දෙනෙත් දල්වාගෙන...
ඔන්න තඩි මොටෝරියක් ඇය පසුකරතෙන ගොස් යළි ආපසු එනව...
ඇගේ දෙනෙත් කාන්තියෙන් දැල්වෙනව.....
ඇගේ ලන්සුවට ගනුදෙණුව සිදු වේවි...මට සිතුන..
දෙවියනී!!!!!
සිවිල් රථයක ආව රාත්‍රී වීථි සරන පොලිස් මුර බල්ලො....
“ඩොකියුමන්ට්ස් “..එකෙක් කිව්ව.....
ඇයට දෙවියන් සිහි වෙන්න ඇති..
වීථි සරන්නට තබා රැඳී සිටීමේ අවසර පතවත් ඇය අත නැති හැඩයි....
ඇයව ඇදල වගේ අරන් රිය ඇතුලට ඔබා ගත්ත මුර බල්ලන් ඉගිල්ලිලා යන්න ගියා...

(ඇය යුරෝපයේ වීදි සරන නිළ නොලත් සංක්‍රමණික ගනිකාවකි..ඇගේ ඉරණම කෙසේ විසඳේවිද????)

Thursday, July 12, 2012

                                    සඳයි....තරුවයි

                                                        පහන් යාමේ පහන්  තරුවයි
                                                        සවස් යාමේ ඉර බටු තරුවයි
                                                        මට නොදන්වා ඔබ නාව  දා
                                                        අමාවක රෑ කඳුළු     සැලුවයි

                                                        තරු මල් අතරේ     උන්නේ
                                                        ඔබ වෙනුවෙනි මම    පිබිදී
                                                        දල්වා තරු නිල්     දෙනුවන්
                                                        ඔබගේ දසුනයි      සෙව්වේ

                                                       සඳ කැන් වැස්සේ තෙමිලා
                                                       සිත් මල මන් මත්       වීලා
                                                       තරු නෙතු දොඩමලු  වීලා
                                                       මුමුනයි ලන් ලන්       විලා

                                                       සිසිලස ලඟ ලඟ    දැනිලා
                                                       සඳ දුර නැති බැව්   සිතුනා
                                                       හද දොඩමළු වි      තිබුනා
                                                       ඔබ ලඟ සැනසුම   දැනුනා

                                    ඈ නෙලන්නී දළු

                                                නෙලන්නෙමි තේ දළු
                                                පිනවන්න රස    දිවග
                                                තර කරනටද     මඩිය
                                                මහතුනී         ඔබලගේ

                                               දවසේ       තෙවේලෙන්
                                               දෙවේලක්  ගෙවෙන්නේ
                                               දූලි බිම වැටි     පැගෙනා
                                               තේ රොඩු වලිනි  අපගේ

                                                ඒ නමුදු සිනාසෙන්නෙමි
                                                හිතේ කහටකින් තොරව
                                                පිරිසිදුයි       සැහැල්ලුයි
                                                මුළු හදවතම       අපගේ

                     (සේයා රුව ලබාදුන් කුමාර කරුණාරත්න මා මිතුරාට තුති)

Wednesday, July 11, 2012

      රැදෙන් හැර නොයා

දෑස් අග්ගිස්සේ       රැඳෙන්
සොඳුරු සිහිනයක් විලසින්
ගිලිහී නොයන සැනෙකින්
කඳුළු බිඳුවක්        විලසින්

මල් කැකුළක්ව    පිබිදෙන්
නෙලා ගත හැකි     නුදුරින්
ඉහල අත්තක  නොපිපෙන්
දකින්නට නොහැකි විලසින්

ළයේ ගැඹුරුම තැනට පිවිසෙන්
මගෙ හුස්ම පොදම විලසින්
ගිළිහී නොයා මහද දවමින්
වියළි දුක් සුසුමක් විලසින්

මුළු හදවතම නැතත් නැත කම්
ආදරය බිඳුවක් මට දෙන්
සැනසෙන්න හැකි විලසින්
රැඳෙන් හැර නොයා දෑස මානෙන්