.....වීදි සුන්දරිය.....
ලස්සනට හඳ පායල...පුර හඳ නොවුනත් හරිම සුන්දරයි..
මම බැල්කනියට ආවෙ සඳ සිසිළ විඳින්න...
මොහොතකින් ඇයව මනෙත ගැටුන....
වීදය කොනට වෙන්න ඇය උන්නෙ අඳුරු මුල්ලක....
ලා..අඳුරෙ වුනත් මම දැක්ක ඇගේ මුහුණ....
වත්සුනු තවරල ඔප කරල තිබුණත්..එහෙම නැතත් ඇය ලස්සනයි කියල මට හිතුන....
ඇය පුංචි මලක් වගේ....ම්...නැහැ නැහැ..පොහොට්ටුවක්වගේ....
හරියට පිපිලවත් නැති...
ඇය මේ මහ රෑ තනියම මොනව කරනවද,,,,,
එය තේරුම් ගන්න වැඩි වෙලාවක් ගන්න වුනේ නෑ මට...
දඬු මොණරයක් වැනි යතුරුපැදියක් ඇය අසල නැවතුනා...
යතුරු පැදියෙ ආවේ කළු තරුණයෙක්(අප්රිකානු)...
ඇය හා මොහොතක් දොඩමළු වුනත් ඔහු යළිත් ඉගිලුනා...

ඔහුගෙ ගාන ඇයට මදි...
සිදු විය නොහැක් ගනුදෙණුවක්...
මට හිතුන...
ඇය යළිත් වීථියට බලාපොරොත්තුවේ දෙනෙත් දල්වාගෙන...
ඔන්න තඩි මොටෝරියක් ඇය පසුකරතෙන ගොස් යළි ආපසු එනව...
ඇගේ දෙනෙත් කාන්තියෙන් දැල්වෙනව.....
ඇගේ ලන්සුවට ගනුදෙණුව සිදු වේවි...මට සිතුන..
දෙවියනී!!!!!
සිවිල් රථයක ආව රාත්රී වීථි සරන පොලිස් මුර බල්ලො....
“ඩොකියුමන්ට්ස් “..එකෙක් කිව්ව.....
ඇයට දෙවියන් සිහි වෙන්න ඇති..
වීථි සරන්නට තබා රැඳී සිටීමේ අවසර පතවත් ඇය අත නැති හැඩයි....
ඇයව ඇදල වගේ අරන් රිය ඇතුලට ඔබා ගත්ත මුර බල්ලන් ඉගිල්ලිලා යන්න ගියා...
(ඇය යුරෝපයේ වීදි සරන නිළ නොලත් සංක්රමණික ගනිකාවකි..ඇගේ ඉරණම කෙසේ විසඳේවිද????)
ලස්සනයි
ReplyDeleteස්තුතියි....
Deleteම්ම්ම්ම්....ලස්සනයි...අදමයි ආවේ මේ පැත්තට...එන්නම් ඈ..
ReplyDeleteස්තුතියි.....
Deleteවෙලා තියෙනවෙලාවට ඇවිත් යන්න එන්න
මේක නම් අපේ සයිට් එකට දාන්නම ඕන.... හ්ම්.. වීදි සරණ ලඳුන්.....
ReplyDelete“ ලැම පමණක් ලොවට පෙනෙන... ලය නොපෙනෙන ලඳුනේ....“
“ කුහුඹුවකුට වරදක් නැති... වැරදිකාර ලඳුනේ....“
දාන්න දාන්න....අනිවාරෙන්ම
Deleteහම්......
අනුන්ගේ වරදට ගැරහුම් විඳින..
ලස්සනයි වස්සානේ.....
ReplyDeleteස්තුතියි සිත්තරී....
Deleteඇය යළිත් වීථියට බලාපොරොත්තුවේ දෙනෙත් දල්වාගෙන...
ReplyDeleteඔන්න තඩි මොටෝරියක් ඇය පසුකරතෙන ගොස් යළි ආපසු එනව...
ඇගේ දෙනෙත් කාන්තියෙන් දැල්වෙනව.....
ඇගේ ලන්සුවට ගනුදෙණුව සිදු වේවි...මට සිතුන..
දෙවියනී!!!!!
දෙවියනී!!!!!දෙවියනී!!!!!දෙවියනී!!!!!දෙවියනී!!!!!දෙවියනී!!!!! මාරයි
හම්...........මාරයෝ ඒ කෙල්ලව හප කරන්න ඇති
Deleteස්තුතියි සුදුමයත්තය..
ලස්සනයි
ReplyDeleteනියමයි....
ReplyDeleteබ්ලොග් එක දිගටම කරගෙන යන්න..
අලුත් ලසිසන නිර්මාන කරන්න
අපෙන් සුබ පැතුම්
ස්තුතියි දඟයො.....
Delete