ඈ නෙලන්නී දළු
නෙලන්නෙමි තේ දළුපිනවන්න රස දිවග
තර කරනටද මඩිය
මහතුනී ඔබලගේ
දවසේ තෙවේලෙන්
දෙවේලක් ගෙවෙන්නේ
දූලි බිම වැටි පැගෙනා
තේ රොඩු වලිනි අපගේ
ඒ නමුදු සිනාසෙන්නෙමි
හිතේ කහටකින් තොරව
පිරිසිදුයි සැහැල්ලුයි
මුළු හදවතම අපගේ
(සේයා රුව ලබාදුන් කුමාර කරුණාරත්න මා මිතුරාට තුති)
No comments:
Post a Comment