හැන්දෑව

රජ වෙලා උන් රිවි කුමරු කෝ කොයි බද
ලොවෙන් සැඟ වෙන්න මාන බලන හැඩ
සඳ කුමරි හැඩ කර හිඳුවන්න සිය සිහසුන
අව පැහැය ගත් දුක්බර සැඳෑ අහස් කුස
වගෙයි හරියට අද මගේ අඳුරු පාළු හද
අළුයමද මද්දහන තුටින් පසු කල මා දිවිය
දුක්බරම සැඳෑ සමයට එළඹ ඇති අරුමය
උදා හිරුමෙන් වජඹුන සමය මෙන් නොව
පාළු හුදකලා අඳර පමණි මා උරුමය අද
වෙහෙසවු කාලයක අවසන හෙම්බත්ව මම
ගිම් නිවා සැතපෙන්න රැය එන්න හනිකට
වෙහෙසවු කාලයක අවසන හෙම්බත්ව මම
ReplyDeleteගිම් නිවා සැතපෙන්න රැය එන්න හනිකට
සැතපෙන්න රැය එන්න......
ReplyDeleteම්ම්ම්ම්....ලස්සනයි...
ReplyDeleteස්තුතියි තරු...
ReplyDeleteලස්සනයි යාලු
ReplyDeleteස්තුතියි සචී....
ReplyDelete