Sunday, July 22, 2012

                                         හැන්දෑව

        වලාකුළු කැටි තැන තැන විසිරි     නුබ ගැබ
        රජ වෙලා උන් රිවි කුමරු කෝ   කොයි බද
        ලොවෙන් සැඟ වෙන්න මාන     බලන හැඩ
        සඳ කුමරි හැඩ කර හිඳුවන්න    සිය සිහසුන

         අව පැහැය ගත් දුක්බර සැඳෑ       අහස් කුස
         වගෙයි හරියට අද මගේ අඳුරු        පාළු හද
         අළුයමද මද්දහන තුටින් පසු කල    මා දිවිය
         දුක්බරම සැඳෑ සමයට එළඹ ඇති      අරුමය

         උදා හිරුමෙන් වජඹුන සමය      මෙන් නොව
         පාළු හුදකලා අඳර පමණි මා         උරුමය අද
         වෙහෙසවු කාලයක අවසන     හෙම්බත්ව මම
         ගිම් නිවා සැතපෙන්න  රැය එන්න      හනිකට

6 comments:

  1. වෙහෙසවු කාලයක අවසන හෙම්බත්ව මම
    ගිම් නිවා සැතපෙන්න රැය එන්න හනිකට

    ReplyDelete
  2. සැතපෙන්න රැය එන්න......

    ReplyDelete
  3. ම්ම්ම්ම්....ලස්සනයි...

    ReplyDelete
  4. ස්තුතියි තරු...

    ReplyDelete
  5. ස්තුතියි සචී....

    ReplyDelete