රැදෙන් හැර නොයා

සොඳුරු සිහිනයක් විලසින්
ගිලිහී නොයන සැනෙකින්
කඳුළු බිඳුවක් විලසින්
මල් කැකුළක්ව පිබිදෙන්
නෙලා ගත හැකි නුදුරින්
ඉහල අත්තක නොපිපෙන්
දකින්නට නොහැකි විලසින්
ළයේ ගැඹුරුම තැනට පිවිසෙන්
මගෙ හුස්ම පොදම විලසින්
ගිළිහී නොයා මහද දවමින්
වියළි දුක් සුසුමක් විලසින්
මුළු හදවතම නැතත් නැත කම්
ආදරය බිඳුවක් මට දෙන්
සැනසෙන්න හැකි විලසින්
රැඳෙන් හැර නොයා දෑස මානෙන්
මුළු හදවතම නැතත් නැත කම්
ReplyDeleteආදරය බිඳුවක් මට දෙන්