Wednesday, July 11, 2012

      රැදෙන් හැර නොයා

දෑස් අග්ගිස්සේ       රැඳෙන්
සොඳුරු සිහිනයක් විලසින්
ගිලිහී නොයන සැනෙකින්
කඳුළු බිඳුවක්        විලසින්

මල් කැකුළක්ව    පිබිදෙන්
නෙලා ගත හැකි     නුදුරින්
ඉහල අත්තක  නොපිපෙන්
දකින්නට නොහැකි විලසින්

ළයේ ගැඹුරුම තැනට පිවිසෙන්
මගෙ හුස්ම පොදම විලසින්
ගිළිහී නොයා මහද දවමින්
වියළි දුක් සුසුමක් විලසින්

මුළු හදවතම නැතත් නැත කම්
ආදරය බිඳුවක් මට දෙන්
සැනසෙන්න හැකි විලසින්
රැඳෙන් හැර නොයා දෑස මානෙන්

1 comment:

  1. මුළු හදවතම නැතත් නැත කම්
    ආදරය බිඳුවක් මට දෙන්

    ReplyDelete