Wednesday, July 18, 2012


                 ...එනවද ඒ හුරු සුවඳ දිගේ....


                  අප එදා හමු වූ මේ වෙරළ ඉමේ
                  පිය මං කලා අපසුදු වැලි තීරේ
                  සටහන් වූ අපේ පා සළකුණු
                  මකා දමාගොස් සයුරු රළින්

                 එනමුදු මේ මුළු වෙරළ තීරේ
                 සුවඳ දැනේ මට තවම ඔබේ
                 දිලෙන තරුවේ ඇග සිතිජයේ
                 ඔබේ දෙනෙත් මට මැවී පෙනේ

                 තවමත් ඉඳ හිට ඉස්සර වාගෙම
                 එන්නෙමි මෙතනට පුරුදු ලෙසින්
                 බලා හිඳින්නෙමි දෙනෙත් විදාගෙන

                 දවසක එනවද ඒ හුරු සුවඳ දිගේ

2 comments:

  1. ම්ම්...ලස්සනයි...

    ReplyDelete
  2. සටහන් වූ අපේ පා සළකුණු
    මකා දමාගොස් සයුරු රළින්

    ReplyDelete