සඳයි....තරුවයි
පහන් යාමේ පහන් තරුවයිසවස් යාමේ ඉර බටු තරුවයි
මට නොදන්වා ඔබ නාව දා
අමාවක රෑ කඳුළු සැලුවයි
තරු මල් අතරේ උන්නේ
ඔබ වෙනුවෙනි මම පිබිදී
දල්වා තරු නිල් දෙනුවන්
ඔබගේ දසුනයි සෙව්වේ
සඳ කැන් වැස්සේ තෙමිලා
සිත් මල මන් මත් වීලා
තරු නෙතු දොඩමලු වීලා
මුමුනයි ලන් ලන් විලා
සිසිලස ලඟ ලඟ දැනිලා
සඳ දුර නැති බැව් සිතුනා
හද දොඩමළු වි තිබුනා
ඔබ ලඟ සැනසුම දැනුනා
ලස්සන කවක් හ්ම්ම්ම් ඔබ ලඟ සැනසුම දැනුනා
ReplyDeleteස්තූතියි,,,,,,,,,,,
ReplyDeleteදල්වා තරු නිල් දෙනුවන්
ReplyDeleteඔබගේ දසුනයි සෙව්වේ